Sunday, February 21, 2016

Computer Power Supply එකෙන් වැඩක් ගමු

Computer Power Supply එකකට නිකන් Power එක දුන්නාට ඒක වැඩ කරන්නෙ නෑනෙ. බොරුනම් power cable එකක් සම්බන්ද කරල බලන්නකො on වෙනවද කියල. නෑ නේද?

Power Supply එකේ තියෙන වයර් වලින් ලැබෙන voltage එක එකින් එකට වෙනස් වෙනව.
ඉතින් අපට පුලුවන් පරන(පරන කිව්වට වැඩ කරන එකක් හොදේ) Power Supply එකක් බාවිතා කරල අලුත් නිර්මාණයක් කරන්න.

කරන්න ඕන නිර්මාණය ඔයාල තීරනය කරනන්. Power Supply එක on කරගන්න විදිය හා ඒකෙ තියෙන වයර් වලින් ලැබෙන voltage එක ගැනයි මම කියල දෙන්නම්. හරි එහෙනම් Power Supply එකකුයි Power cable එකකුයි හොයා ගන්නකො.

මට දෙයක් කියන්න අමතක වුනා. ඉහත Power Supply එකේ රතු පාට පොඩි switch එක්ක පේනව නේද. සමහර Power Supply වල නම් නෑ. ඔයාලගෙ එකේ මේ වගේ switch ඒකක් තියෙනවනම් විදුලිය ලබා දීමට කලින් බලන්න ඒක 220විදියටද තියෙන්නෙ කියල. බැරි වෙලාවත් 110එකට දාල තිබුනොත් ඩෝන් පටෝන් තමා ඉතින්.
හරි එහෙනම් මුලින්ම Power Supply ඓකේ 20 pin or 24 pin power connector එක අරන් පහත ආකාරයට short කර ගන්න.


මෙහි කොළ පාට වයර් එකයි තියෙන්නෙ. කලු පාට වයර් නම් එකට වඩා තියෙනවා. එතනින් ඒ කොළ වයර් එක සහ කැමති එක කලු වයර් එකක් ඉහත ආකාරයට සම්බන්ද කර ගන්න.
දැන් Power Supply එකට power cable එකක් සම්බන්ද කර විදුලිය ලබා දෙන්න. එතකොට Power Supply එකේ Fan එක කැරකෙයි. Fan එක කැරකෙන් නැත්තන් Power Supply එක සම්බන්ද කිරීමේදී ඔයා අතින් යම් කිසි වැරැද්දක් සිද්ද වෙලා එහෙමත් නැත්තන් Power Supply එක වැඩ නෑ. Fan එක කැරකෙන් නැත්තන් ආයෙ පියවරෙන් පියවර සියල්ලම check කර බලන්න.
Fan එක කැරකෙනවනම් ආයෙ බලන්න දෙයක් නෑනෙ. Power Supply එකේ තියෙන එක එක පාට වයර් වලින් විවිධ voltage අගයන් ලැබෙනව කියල මම කලිනුත් කීවනෙ. එම voltage අගයන් ටික පහත රූප සටහනෙන් ඔයාලට බලා ගන්න පුලුවන්.


හරිනෙ එහෙනම්  දැන් මේකෙන් ලබා ගන්න ප්‍රයෝජනය ඔයාලම තීරනය කරන්න. මේ සම්බන්දයෙන් කියන්නනම් තවත් දේ නෑ. තේරෙන් නැති  දෙයක් තියෙනවනම් පහලින් comment කරන්න :D

https://nimhimlokaya.blogspot.com/2020/04/this-month-site.html

Tuesday, February 2, 2016

Google Chrome එකෙන් offline game එකක් play කරමු

හුග දවසකින් post එකක් දාන්නත් බැරි උනා. Game එකක් ගහන්න පුලුවන් කිව්වට මේක මහ ලොකු Game එකක් නම් නෙමෙයි හොදේ. ඔයලගෙ connection එකේ මොකක් හරි  trouble එකක් ආවොත් ඒක යතා තත්වයට පත් වෙනකන්, කම්මැලිකම යන්නත් එක්කන් මේ Game එක play කරන්න පුලුවන්.
මේක chrome,Torch දෙකටම වැඩ කරනවා. ඔයාලා දන්න වෙන web browser තියෙනවනම් පහලින් comment කරන්න.



හරි එහෙනම්, chrome  හරි Torch හරි open කර ගන්න. Internet connection තියෙනවනම් ඒක Disconnect කරන්න. ඊට පස්සේ මොකක් හරි search කරන්න. Connection එක නැති නිසා search වෙන් නෑනෙ. දැන් පහත ආකාරයට page එකක් එයි.


දැන් keyboard එකේ space bar එක හරි Arrow key හරි press කරන්න. එතකොට Game එක play වෙයි.


comment එකක් දාලම යන්න...:D

Tuesday, December 29, 2015

පින්තූරයක් අස්සෙ Folder එකක් හන්ගමු.

                        
මම අද ඔයාලට කියල දෙන්න හදන්නෙ, කොහොමද picture එකක් ඇතුලෙ folder එකක් හන්ගන්නෙ කියල. අපිට ඕන දෙයක් මේ විදියට හන්ගන්න පුලුවන් (Video,Audio,Picture,Doccument)
මේ විදියෙන් අපගේ පෞද්ගලික දත්ත(Data) ආරක්ෂා කර ගන්න පුලුවන්. මේ විදිය Hidden කරනවට වඩා ගොඩක් සාර්ථක ක්රමයක් කියල මට හිතෙනව. අනෙක කවුරුවත් සැක කරන්නෙත් නෑනේ. මේකට කිසිම software එකක් ඕන වෙන්නෙ නෑ.. කිසිම software එකක් ඕන නෑ කිවුවට win rar එකනම් ඕනෙ.. ඒක නැත්තන් පටගාල Google එකේ පොඩි search පාරක් දාල download කර ගන්න..
මේක කරන්නෙ CMD(command prompt) එකෙන්. මුලින්ම win key+R press කරල cmd කියල type කරල හෝ වෙනත් කිසියම් විදියකින් command prompt එක open කර ගන්න.
මුලින්ම ඔයා කැමති partition එකකට ගිහින් කැමති නමකින් folder එකක් හදා ගන්න‍. මම නම් F එකේ මගේ නමින් folder එකක් හදා ගත්ත.


දැන් හංගන්න ඕන file ටික select කරල right click කරන්න. ඉන් පසු add to archive දෙන්න, ඊට පස්සෙ save කරන්න කැමති path එකක් දීලා rar file එකක් save විදියට කරන්න.
 දැන් අර Folder එක ඇතුලට පින්තූරයක් හා අපි හදාගත්ත rar file ඒක දාන්න..



දැන් CMD එක අරන් පහත ආකාරයට පියවරෙන් පියවර යන්න....


1.      F: ලෙස type කර Enter කරන්න (ඔයාල වෙන partition එකක හැදුවනම් එම partition එකේ letter එක දෙන්න)
2.      CD Chathura ලෙස type කර Enter කරන්න (chathura වෙනුවට ඔයාල type කල නම දෙන්න)
ඊලගට මෙහෙම type කරන්න
Copy /b Nimhim.jpg+Lokaya.rar Chathura.jpg



1.      ඔයා copy කර ගත්ත picture එකේ නම හා extention එක
2.      හදා ගත්ත rar file එකේ නම
3.      මෙතෙන්ට ඔයා කැමති නමක් දෙන්න
දැන් Enter කරන්න......


වැඩේ හරි නම් 1 file<s> copied කියල වැටෙයි.. තව අලුතෙන් එකකුත් එයි...
හරි ගියෙ නැත්තන් ආයෙත් මුල ඉදන් පියවරෙන් පියවර බලන්න..

අපි හංගපු file ටික බලා ගන්න විදිය මම ඊලග post එකෙන් කියන්නම්.... 
comment එකකුත් දාලම යන්න

Saturday, November 28, 2015

Windows 8 වල Auto Update නවත්තමු

අද මම කියල දෙන්න හදන්නෙ Windows 8 වල Auto Update වීම නවත්තන්නෙ කොහොමද කියල. හුගක් අය මේක දන්නව. ඒත් දන්නෙ නැති අයත්  තිනෙ.
මේ post එක ඒක දන් නැති අය වෙනුවෙන්.  දන්න අය දෙක්කෙ නෑ වගෙ ගියාට කමක් නෑ.

මේ Auto Update එක නැවැත්තුවෙ නැත්තන් අපෙ data හුගක් අපතෙ යනව. වගේම Microsoft ආයතනයෙනුත් කේස් දානව. මොකද කියනවනම් අපි OS(operating system) ගන්නකොට ගෙවල නෙමෙනෙ ගන්නෙ, කාගෙ හරි windows 8 DVD එකක් ඉල්ලගෙන copy යක් දා ගන්නවා, එහෙමත් නැත්ත්න් internet එකෙන් Download කර ගන්නව. මොකද ගෙවල ගන්න තරම් අපට වත්කමක් නෙනෙ. ඉතින් එයල මේක දැනගත්ත ගමන් කේස් දානව. නිකක් ලෙඩ දා ගන්න ඕන් නෙනෙ.


ඉස්සෙල්ලම My computer උඩ write click කරලා properties යන්න. එතකොට පහත ආකාරයට window එකක් open වෙයි. ඒකෙ windows update යන්න.

ඊට පස්සෙ change settings යන්න.


ඊට පස්සේ පහත රූපයේ ආකාරයට Never check for updates යන්න select කර ok කරන්න.



දැන් හරිනෙ එහෙනම්. ආයෙ Auto update වෙන්නෙ නෑ, ඒත් ඔයාලා install කරන software වල Auto update වෙන එක මෙකෙන් නවතින්නෙ නෑ…D


Tuesday, November 3, 2015

පේන්නෙ නැති Folder එකක් හදමු

අද මම ඔයාලට පොඩි Trick එකක් කියල දෙන්නම්. පොඩි trick එකක් උනත් වටිනවනෙ.

පේන්නෙ නැති Folder එකක් හදනව කීවට මේකෙන් වෙන්නෙ Folder Name හා icon එක පේන්නෙ නැති කරන එක. එතකොට කොහොමත් අපිට Folder එක පේන්නෙ නෑනෙ.

අපි ඉස්සෙල්ලම Folder Name එක පේන්නෙ නැති කරමු
මුලින්ම New Folder එකක් හදා ගන්න.
දැන් ඒකේ නම වෙනස් කරන්න. New Folder එක උඩ right click කරල Rename යන්න, නැත්තන් keyboard එකේ F2 key එක press කරන්න.
ඊට පස්සෙ මේ විදියට rename කරන්න Alt +255. එතකොට Folder එක නමක් නැති එකක් බවට පත්වෙනවා.

 දැන් icon එක පේන්නෙ නැති කරමු
දැන් ඒ Folder එක උඩ right click කරල properties වලට ගිහිල්ල, Customize වල යටම තියෙන Change icon වලට යන්න,
එතන තියෙන free space එකකට click කරාම ඔය රූපයෙන් පෙන්නල තියෙනවා වගේ නිල් පාටට select වෙයි.


දැන් OK කරන්න . දැන් ඔයාට එතන Folder එකක් පේන්නේ නෑ. අපි කලින් Folder Name එකත් පේන්නෙ නැති කරපු හින්ද දැන් Folder Name එකත් පේන්නෙ නෑ. එතනට Mouse එක අරන් ගියම ඔයාට එතන highlight වෙලා Folder එකක් තියෙනව වගේ පෙනෙයි. දැන් එතන double click කලාම ඔයාට Folder එක ඇතුලට යන්න පුලුවන්.
හොදයි කියල හිතෙනවනම් comment කරන්න