Wednesday, August 12, 2015

විනාඩි 15 න් xp දාමු

ඔයාලට xp දාන්න 45 min විතර යනවනේ. අද මම කියල දෙන්නම් ඉතා අඩු කාලයකින් xp දාන විදියක්. නිකන් කාලෙ කන් නැතුව ඉක්මන්ට වැඩේ කර ගන්නනෙ හැමෝම ආසා.
හරි එහෙනම් xp cd එක cd rom එකට දාලා boot setting එහෙම හදල ඉවර වෙලා, press any key boot from cd… කියල ආවම මොකක් හරි key එකක් press කරල xp cd එක boot කර ගන්න.
setup files load වෙලා ඉවර උනාම ඔයාල කැමති විදියකට Hard එක partition කරල එහෙම, කැමති File System එකකින් Format කර ගන්න.
ඊට පස්සේ format වෙලා ඉවර උනාම files copy වෙලා එහෙම computer එක restart වෙනවා.

ඊට පස්සේ පහත ආකාරයට  XP setup එක load වෙනවා

එතනදී SHIFT + F10 press කරන්න
ඊට පස්සේ CMD එක open වෙයි.
එහි taskmgr කියලා type කරන්න. එතකොට Task Manager එක open වෙයි..
 task manager එකේ process tab එකට ගිහින් setup.exe හි right click කර Priority high ලෙස යොදන්න.
ඉන් පසු ඉතාමත්ම අඩු කාලයකින්(15 min වගේ)  XP දමා අවසන් කල හැක.

Post එක හොද නම් comment එකක් දාන්න….:D