Tuesday, October 13, 2015

OS එක පරිගණකයට ඉන්ස්ටෝල් කරපු දවස බලමු

මම අද කියන්න යන්නෙ ඔයාලගෙ පරිගණකයට වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය දාපු දවස බලා ගන්න පුලුවන් විදියක් ගැනයි. මේක කරන්න softwares ඕන වෙන්නෙ නෑ, ඔයාලට මේක කවද හරි වැදගත් වෙයි කියල හිතුන හින්දයි මම මේ post එක දාන්නෙ.. වැදගත් හරි නැතුව හරි, දැනගෙන ඉන්න එක කෝකටත් හොදයිනෙ නේද..

මේක කරන්නෙ CMD එකෙන්. Command prompt එහෙමත් නැත්තන් CMD එකෙන් අපිට හුගක් ප්රොයෝජන ගන්න පුලුවන්.
ටිකෙක් ටික මන් දන්න දේවල්, මන් ඔයාලට කියල දෙන්නම්

හරි එහෙනම් මුලින්ම CMD එක open කර ගන්නකො. ඒකට Win key + R ගහල CMD කියල type කරන්න. එතකොට CMD එක open වෙයි.
එතන systeminfo | find/i "install date" කියල type කරල search කරන්න. එතකොට ටික වෙලාවකින් පහත ආකාරයට OS එක install කරපු දිනය හා වේලාව එයි.



ඔන්න මගෙ එකේ windows දාපු දිනය හා වේලාව. ඔයාලගේ එකේ දිනය හා වේලාව, පුලුවන්නම් පහලින් comment කරන්න


Android App පරිගනකයෙන් Download කරමු

අද මම ඔයාලට කියල දෙන්න හදන්නෙ Androi app පරිගනකයෙන් Download කරන විදිය. මේ විදියට Download කරන APK file එක ඔයාගේ Android දුරකතනට දා ගත්තට පස්සෙ පහසුවෙන් එය install කරගන්න පුලුවන්. 

මුලින්ම මෙතනින් Google play store එකට යන්න. එතනින් ඔයාලට ඕන App එක search කරන්න.
ඊට පස්සෙ ඔයාලට ඕන App එකේ Url එක මේ විදියට copy කර ගන්න.


ඊට පස්සෙ මෙතනින්  මේ site එකට යන්න. ඔතන තියෙන Box එකට, ඔයා කලින් copy  කරගත්ත url එක past කරන්න. 


ඊට පස්සෙ  Generate Download Link click කරන්න.


ඊට පස්සෙ ඒක Generate වෙලා, File size එක version එක ආදි විස්තර එයි. ඔතන යටම තියෙන click here to download කියන එක දුන්නට පස්සෙ App එක ඔයාගේ computer එකට download වෙයි.

මේ post එක වටිනව කියල හිතෙනවනම්, පහලින් comment එකක් දලම යන්න.