Tuesday, December 29, 2015

පින්තූරයක් අස්සෙ Folder එකක් හන්ගමු.

                        
මම අද ඔයාලට කියල දෙන්න හදන්නෙ, කොහොමද picture එකක් ඇතුලෙ folder එකක් හන්ගන්නෙ කියල. අපිට ඕන දෙයක් මේ විදියට හන්ගන්න පුලුවන් (Video,Audio,Picture,Doccument)
මේ විදියෙන් අපගේ පෞද්ගලික දත්ත(Data) ආරක්ෂා කර ගන්න පුලුවන්. මේ විදිය Hidden කරනවට වඩා ගොඩක් සාර්ථක ක්රමයක් කියල මට හිතෙනව. අනෙක කවුරුවත් සැක කරන්නෙත් නෑනේ. මේකට කිසිම software එකක් ඕන වෙන්නෙ නෑ.. කිසිම software එකක් ඕන නෑ කිවුවට win rar එකනම් ඕනෙ.. ඒක නැත්තන් පටගාල Google එකේ පොඩි search පාරක් දාල download කර ගන්න..
මේක කරන්නෙ CMD(command prompt) එකෙන්. මුලින්ම win key+R press කරල cmd කියල type කරල හෝ වෙනත් කිසියම් විදියකින් command prompt එක open කර ගන්න.
මුලින්ම ඔයා කැමති partition එකකට ගිහින් කැමති නමකින් folder එකක් හදා ගන්න‍. මම නම් F එකේ මගේ නමින් folder එකක් හදා ගත්ත.


දැන් හංගන්න ඕන file ටික select කරල right click කරන්න. ඉන් පසු add to archive දෙන්න, ඊට පස්සෙ save කරන්න කැමති path එකක් දීලා rar file එකක් save විදියට කරන්න.
 දැන් අර Folder එක ඇතුලට පින්තූරයක් හා අපි හදාගත්ත rar file ඒක දාන්න..



දැන් CMD එක අරන් පහත ආකාරයට පියවරෙන් පියවර යන්න....


1.      F: ලෙස type කර Enter කරන්න (ඔයාල වෙන partition එකක හැදුවනම් එම partition එකේ letter එක දෙන්න)
2.      CD Chathura ලෙස type කර Enter කරන්න (chathura වෙනුවට ඔයාල type කල නම දෙන්න)
ඊලගට මෙහෙම type කරන්න
Copy /b Nimhim.jpg+Lokaya.rar Chathura.jpg



1.      ඔයා copy කර ගත්ත picture එකේ නම හා extention එක
2.      හදා ගත්ත rar file එකේ නම
3.      මෙතෙන්ට ඔයා කැමති නමක් දෙන්න
දැන් Enter කරන්න......


වැඩේ හරි නම් 1 file<s> copied කියල වැටෙයි.. තව අලුතෙන් එකකුත් එයි...
හරි ගියෙ නැත්තන් ආයෙත් මුල ඉදන් පියවරෙන් පියවර බලන්න..

අපි හංගපු file ටික බලා ගන්න විදිය මම ඊලග post එකෙන් කියන්නම්.... 
comment එකකුත් දාලම යන්න