Saturday, November 28, 2015

Windows 8 වල Auto Update නවත්තමු

අද මම කියල දෙන්න හදන්නෙ Windows 8 වල Auto Update වීම නවත්තන්නෙ කොහොමද කියල. හුගක් අය මේක දන්නව. ඒත් දන්නෙ නැති අයත්  තිනෙ.
මේ post එක ඒක දන් නැති අය වෙනුවෙන්.  දන්න අය දෙක්කෙ නෑ වගෙ ගියාට කමක් නෑ.

මේ Auto Update එක නැවැත්තුවෙ නැත්තන් අපෙ data හුගක් අපතෙ යනව. වගේම Microsoft ආයතනයෙනුත් කේස් දානව. මොකද කියනවනම් අපි OS(operating system) ගන්නකොට ගෙවල නෙමෙනෙ ගන්නෙ, කාගෙ හරි windows 8 DVD එකක් ඉල්ලගෙන copy යක් දා ගන්නවා, එහෙමත් නැත්ත්න් internet එකෙන් Download කර ගන්නව. මොකද ගෙවල ගන්න තරම් අපට වත්කමක් නෙනෙ. ඉතින් එයල මේක දැනගත්ත ගමන් කේස් දානව. නිකක් ලෙඩ දා ගන්න ඕන් නෙනෙ.


ඉස්සෙල්ලම My computer උඩ write click කරලා properties යන්න. එතකොට පහත ආකාරයට window එකක් open වෙයි. ඒකෙ windows update යන්න.

ඊට පස්සෙ change settings යන්න.


ඊට පස්සේ පහත රූපයේ ආකාරයට Never check for updates යන්න select කර ok කරන්න.



දැන් හරිනෙ එහෙනම්. ආයෙ Auto update වෙන්නෙ නෑ, ඒත් ඔයාලා install කරන software වල Auto update වෙන එක මෙකෙන් නවතින්නෙ නෑ…D


Tuesday, November 3, 2015

පේන්නෙ නැති Folder එකක් හදමු

අද මම ඔයාලට පොඩි Trick එකක් කියල දෙන්නම්. පොඩි trick එකක් උනත් වටිනවනෙ.

පේන්නෙ නැති Folder එකක් හදනව කීවට මේකෙන් වෙන්නෙ Folder Name හා icon එක පේන්නෙ නැති කරන එක. එතකොට කොහොමත් අපිට Folder එක පේන්නෙ නෑනෙ.

අපි ඉස්සෙල්ලම Folder Name එක පේන්නෙ නැති කරමු
මුලින්ම New Folder එකක් හදා ගන්න.
දැන් ඒකේ නම වෙනස් කරන්න. New Folder එක උඩ right click කරල Rename යන්න, නැත්තන් keyboard එකේ F2 key එක press කරන්න.
ඊට පස්සෙ මේ විදියට rename කරන්න Alt +255. එතකොට Folder එක නමක් නැති එකක් බවට පත්වෙනවා.

 දැන් icon එක පේන්නෙ නැති කරමු
දැන් ඒ Folder එක උඩ right click කරල properties වලට ගිහිල්ල, Customize වල යටම තියෙන Change icon වලට යන්න,
එතන තියෙන free space එකකට click කරාම ඔය රූපයෙන් පෙන්නල තියෙනවා වගේ නිල් පාටට select වෙයි.


දැන් OK කරන්න . දැන් ඔයාට එතන Folder එකක් පේන්නේ නෑ. අපි කලින් Folder Name එකත් පේන්නෙ නැති කරපු හින්ද දැන් Folder Name එකත් පේන්නෙ නෑ. එතනට Mouse එක අරන් ගියම ඔයාට එතන highlight වෙලා Folder එකක් තියෙනව වගේ පෙනෙයි. දැන් එතන double click කලාම ඔයාට Folder එක ඇතුලට යන්න පුලුවන්.
හොදයි කියල හිතෙනවනම් comment කරන්න