Tuesday, November 3, 2015

පේන්නෙ නැති Folder එකක් හදමු

අද මම ඔයාලට පොඩි Trick එකක් කියල දෙන්නම්. පොඩි trick එකක් උනත් වටිනවනෙ.

පේන්නෙ නැති Folder එකක් හදනව කීවට මේකෙන් වෙන්නෙ Folder Name හා icon එක පේන්නෙ නැති කරන එක. එතකොට කොහොමත් අපිට Folder එක පේන්නෙ නෑනෙ.

අපි ඉස්සෙල්ලම Folder Name එක පේන්නෙ නැති කරමු
මුලින්ම New Folder එකක් හදා ගන්න.
දැන් ඒකේ නම වෙනස් කරන්න. New Folder එක උඩ right click කරල Rename යන්න, නැත්තන් keyboard එකේ F2 key එක press කරන්න.
ඊට පස්සෙ මේ විදියට rename කරන්න Alt +255. එතකොට Folder එක නමක් නැති එකක් බවට පත්වෙනවා.

 දැන් icon එක පේන්නෙ නැති කරමු
දැන් ඒ Folder එක උඩ right click කරල properties වලට ගිහිල්ල, Customize වල යටම තියෙන Change icon වලට යන්න,
එතන තියෙන free space එකකට click කරාම ඔය රූපයෙන් පෙන්නල තියෙනවා වගේ නිල් පාටට select වෙයි.


දැන් OK කරන්න . දැන් ඔයාට එතන Folder එකක් පේන්නේ නෑ. අපි කලින් Folder Name එකත් පේන්නෙ නැති කරපු හින්ද දැන් Folder Name එකත් පේන්නෙ නෑ. එතනට Mouse එක අරන් ගියම ඔයාට එතන highlight වෙලා Folder එකක් තියෙනව වගේ පෙනෙයි. දැන් එතන double click කලාම ඔයාට Folder එක ඇතුලට යන්න පුලුවන්.
හොදයි කියල හිතෙනවනම් comment කරන්න

No comments:

Post a Comment