Sunday, February 21, 2016

Computer Power Supply එකෙන් වැඩක් ගමු

Computer Power Supply එකකට නිකන් Power එක දුන්නාට ඒක වැඩ කරන්නෙ නෑනෙ. බොරුනම් power cable එකක් සම්බන්ද කරල බලන්නකො on වෙනවද කියල. නෑ නේද?

Power Supply එකේ තියෙන වයර් වලින් ලැබෙන voltage එක එකින් එකට වෙනස් වෙනව.
ඉතින් අපට පුලුවන් පරන(පරන කිව්වට වැඩ කරන එකක් හොදේ) Power Supply එකක් බාවිතා කරල අලුත් නිර්මාණයක් කරන්න.

කරන්න ඕන නිර්මාණය ඔයාල තීරනය කරනන්. Power Supply එක on කරගන්න විදිය හා ඒකෙ තියෙන වයර් වලින් ලැබෙන voltage එක ගැනයි මම කියල දෙන්නම්. හරි එහෙනම් Power Supply එකකුයි Power cable එකකුයි හොයා ගන්නකො.

මට දෙයක් කියන්න අමතක වුනා. ඉහත Power Supply එකේ රතු පාට පොඩි switch එක්ක පේනව නේද. සමහර Power Supply වල නම් නෑ. ඔයාලගෙ එකේ මේ වගේ switch ඒකක් තියෙනවනම් විදුලිය ලබා දීමට කලින් බලන්න ඒක 220විදියටද තියෙන්නෙ කියල. බැරි වෙලාවත් 110එකට දාල තිබුනොත් ඩෝන් පටෝන් තමා ඉතින්.
හරි එහෙනම් මුලින්ම Power Supply ඓකේ 20 pin or 24 pin power connector එක අරන් පහත ආකාරයට short කර ගන්න.


මෙහි කොළ පාට වයර් එකයි තියෙන්නෙ. කලු පාට වයර් නම් එකට වඩා තියෙනවා. එතනින් ඒ කොළ වයර් එක සහ කැමති එක කලු වයර් එකක් ඉහත ආකාරයට සම්බන්ද කර ගන්න.
දැන් Power Supply එකට power cable එකක් සම්බන්ද කර විදුලිය ලබා දෙන්න. එතකොට Power Supply එකේ Fan එක කැරකෙයි. Fan එක කැරකෙන් නැත්තන් Power Supply එක සම්බන්ද කිරීමේදී ඔයා අතින් යම් කිසි වැරැද්දක් සිද්ද වෙලා එහෙමත් නැත්තන් Power Supply එක වැඩ නෑ. Fan එක කැරකෙන් නැත්තන් ආයෙ පියවරෙන් පියවර සියල්ලම check කර බලන්න.
Fan එක කැරකෙනවනම් ආයෙ බලන්න දෙයක් නෑනෙ. Power Supply එකේ තියෙන එක එක පාට වයර් වලින් විවිධ voltage අගයන් ලැබෙනව කියල මම කලිනුත් කීවනෙ. එම voltage අගයන් ටික පහත රූප සටහනෙන් ඔයාලට බලා ගන්න පුලුවන්.


හරිනෙ එහෙනම්  දැන් මේකෙන් ලබා ගන්න ප්‍රයෝජනය ඔයාලම තීරනය කරන්න. මේ සම්බන්දයෙන් කියන්නනම් තවත් දේ නෑ. තේරෙන් නැති  දෙයක් තියෙනවනම් පහලින් comment කරන්න :D

https://nimhimlokaya.blogspot.com/2020/04/this-month-site.html

4 comments:

  1. Godak watina post ekak..thanks

    ReplyDelete
  2. https://bestelife2.blogspot.com/

    ReplyDelete
  3. http://maps.google.ad/url?q=https://www.mytoplistings.com
    http://maps.google.ae/url?q=https://www.mytoplistings.com
    http://maps.google.as/url?q=https://www.mytoplistings.com
    http://maps.google.at/url?q=https://www.mytoplistings.com
    http://maps.google.be/url?q=https://www.mytoplistings.com
    http://maps.google.ba/url?q=https://www.mytoplistings.com

    ReplyDelete